May 17, 2024

"ඇෆ්ගනිස්තානයෙන් හමුදාව ඉවත් කරන්න එපා" - ජෝන් මැකේන්

2017 වසර වන විට ඇෆ්ගනිස්තානයෙන් සියලු හමුදා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ගැන යළි සලකා බලන ලෙස යුද සේවාවෙන් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සෙනෙට් කමිටුවේ නායක, ජෝන් මැකේන් (John McCain) ජනාධිපති බැරැක් ඔබාමාගෙන් ඉල්ලා සිටින අතර යුද හමුදා ඉවත් කිරීම, මෙතෙක් අත් කර ගත් ජයග්‍රහණ ඉවතට විසි කිරීමක් මෙන්ම අවදානමක් ඇති කර ගැනීමක් බවයි ඔහු පවසා ඇත්තේ.

ඇමරිකානු තානාපති කාර්යාලය මූලස්ථාන කොට ගෙන සිටින 1000 ක් පමණ යුද හමුදා ඉවත් කිරීමට ගෙන ඇති තීරණය, සැලසුම් වලට අනුව සහ පවතින තත්වය මත සිදු කෙරෙන්නක් McCain තවදුරටත් පවසා ඇත.

 

Rate this item
(0 votes)