May 17, 2024

වැසිකිලියක් ඉදිකරනවාට විරුද්ධවූ නිසා දැරිය දිවිනසාගනී

නිවසේ වැසිකිලියක් ඉදිකිරීමට තම දෙමව්පියන් විරුද්ධ වීම නිසා නැගෙනහිර ඉන්දියාවේ 17 හැවිරිදි ගැහැණු ළමයකු සියදිවි හානිකරගෙන තිබේ.

දෙමව්පියන්ට අවශ්‍යව තිබී ඇත්තේ වැසිකිලිය තනනු වෙනුවට සියදිවි හානි කරගත් මෙම දියණියගේ විවාහය සඳහා මුදල් ඉතිරිකර ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිය දිවි නසා ගැනීම පිලිබඳ සමාජ වෙබ් අඩවියක සඳහනක් තබමින් ප්‍රධාන පෙලේ කොන්ග්‍රස් පක්ෂ දේශපාලනඥයකු ජාතියෙන් ඉල්ලා ඇත්තේ වැසිකිලි තැනීමට ප්‍රමුඛත්වයක් දෙන ලෙසටයි.

සනීපාරක්ෂක කටයුතු දිරිමත් කිරීම ප්‍රධාන ප්‍රතිපත්තියක් ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න ජනතාවට වැසිකිලි පහසුකම් නැති බව වාර්තාවලින් පැවසේ.

බීබීසි

Rate this item
(0 votes)