May 17, 2024

ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක්

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කළ බව එහි අයිඑස් සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

ඊජිප්තු හමුදාවට ඊශ්‍රායලය ලබාදෙන හමුදා සහායට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව සිනායි ප්‍රාන්තය ලෙස හඳුන්වා ගත් එහි අයිඑස් ක්‍රියාකාරීන් සඳහන් කළේ ය. 

කෙසේ වුව ද තම භූමියට මිසයිල දෙකක් පතිත වූ බවත්, ඉන් කිසිදු හානියක් සිදුනොවූ බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. අයිඑස් සන්නද්ධ කණ්ඩායම සොයා ඊජිප්තුව සිනායි අර්ධද්වීපයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, පසුගිය බදාදා සිට එම ගැටුම්වලින් ඊජිප්තු සෙබලුන් 17 දෙනෙකු සහ අයිඑස් සාමාජිකයන් 100 ක් පමණ ජීවිතක්ෂයට පත් විය. 

ඊජිප්තුවේ ආසියාවට අයත් එකම කොටස වන සිනායි අර්ධද්වීපය අප්‍රිකානු සහ ආසියානු මහද්වීප සම්බන්ධ කරන ක්‍රමෝපාය වශයෙන් වැදගත් කලාපයකි. 1967 යුද්ධයේදී ඊශ්‍රායලය අත්පත් කර ගත් සිනායි කතර 1979 වසරේ ඊශ්‍රායල - ඊජිප්තු සාම ගිවිසුම තුළින් නැවත ඊජිප්තුවට පැවරිණි. 

Rate this item
(0 votes)