May 17, 2024

අමෙරිකා සහ කියුබා තානාපති කාර්යාල යළි විවෘත කෙරේ

අමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව දෙරටේ තානාපති කාර්යාල යළි විවෘත කිරීම සඳහා ගිවිසුමකට එළැඹුණ බව අමෙරිකා එක්සත් ජනපද නිලධාරීහු සඳහන් කරති. 

ඉකුත් දෙසැම්බර් මාසයේ දී දෙරට ජනාධිපතිවරුන් ඔවුන් අතර පවතින ගැටළු නිරාකරණය කර ගන්නා බව ප්‍රකාශයට පත් කළ දා සිට රහසිගත ව පැවති සාකච්ඡාවලින් අනතුරු ව මෙම ගිවිසුමට එළඹ තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දෙරටට පිවිසීමට ඇති ඉඩකඩ සහ නව බැංකු කටයුතු විධි විධාන සම්බන්ධයෙන් පැවති සාකච්ඡා හේතුවෙන් ගිවිසුමක් ඇති කර ගැනීම ප්‍රමාද වී තිබිණ.

දෙරට ජනාධිපතිවරුන් අමෙරිකාවේ දී හමුවීමෙන් පසු අමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත රටවල ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කර ගන්නා ලදී.

Rate this item
(0 votes)