May 17, 2024

ග්‍රීසියේ මූල්‍ය අර්බුදයෙන් ලෝක ආර්ථිකයට බලපෑම්

ග්‍රීසිය සිය රටේ බැංකු වසා තැබීමට සහ ප්‍රාග්ධන පාලනයට පියවර ගැනීමත් සමඟ ආසියාවේ සහ යුරෝපයේ කොටස් වෙළෙඳ පොලේ මිල විශාල අවපාතයකට ලක් වෙමින් ඇති අතර එවැනි තත්වයක් උද්ගත වුනේ ග්‍රීසියේ බැංකුවලට හදිසි අරමුදල් සැපයීම තව දුරටත් සිදු නොකිරීමට යුරෝපා මහ බැංකුව තීරණය කිරීමත් සමඟ බව BBC ලෝක සේවය වාර්තා කරයි.

ඊයේ දින (29) ගනු දෙනු ආරම්භයේ දී යුරෝපයේ බොහෝ කොටස් වෙළෙඳ පොල මිල 4% කින් පහත වැටී තිබුණි. එමෙන්ම ආසියානු කොටස් වෙළෙඳ පොලවලත් ඊයේ ගනු දෙනු නිම කෙරුණේ සැලකිය යුතු මට්ටමේ මිල පහත වැටීමක් සහිතවයි.

මෙම සතිය තුළ සිය රටේ බැංකු වසා තබන බව ග්‍රීක් බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇති අතර ඇතැන්ස් නගරයේ ATM යන්ත්‍ර දවසේ මධ්‍යාහ්නය වනතෙක් අක්‍රිය කිරීමක් සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වේ.

මධ්‍යාහ්නයේ දී එම යන්ත්‍ර මුදල් ලබා ගැනීමට විවෘත කරනු ලැබුනත් එක ගනුදෙනුකරුවකුට දිනකට ලබා ගත හැකි මුදල් ප්‍රමාණය යුරෝ හැටකට සීමා කොට ඇත. එහෙත් විදේශීය බැංකු කාර්ඩ් හිමියන්ට එම සීමාව බල නොපැවැත්වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2015 10:41