May 17, 2024

ISIS ප්‍රහාරයෙන් පසු ටියුනීසියාවේ පල්ලි 80ක් වසා දමයි

කලහකාරී තත්වයන් ඇති විය හැකි බැවින් ඉදිරි සතියක කාලය පුරා මුස්ලිම් පල්ලි අසූවක් වසා දමන බව ටියුනීසියානු බලධාරීහු පවසා තිබේ.

සංචාරකයෙකු ලෙස වෙස්වලා පැමිණි අයෙකු විසින් විදේශ සංචාරකයන් ඇතුළු තිහක පමණ පිරිසක් සෝසි හි වෙරළාසන්න නිවාඩු නිකේතනයක දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

වෙඩිතැබීමේ සිදුවීමේ දී ආරක්ෂක හමුදාවන් විසින් තුවක්කුකරු මරා දමනු ලැබූ අතර තමන් මෙම ප්‍රහාරය සිදු කළ බව ISIS සටන්කාමීන් පවසා තිබුණි.

රජයේ පාලනයට පිටින් ඇති ඇතැම් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කරන බව ටියුනීසියානු අගමැති හබිඩ් එසිද් පැවසූ අතර රට පුරා අමතර ආරක්ෂාවක් ලබා දීම පිණිස අතිරේක හමුදාවන් කැඳවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Rate this item
(0 votes)