May 17, 2024

කුවේට්හි අගනුවර බෝම්බ පිපිරීමක්

කුවේට්හි අගනුවරවන කුවේට් සිටිවල ෂියා මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (26) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් පමණ මේ වනවිට මරණයට පත් ව තිබේ.

නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ සාදික් දේවස්ථානට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර අයිඑස් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැළකේ.

දේව මෙහෙය අතරතුර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 227 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 June 2015 12:27