May 02, 2024

ඉන්දීය ගංවතුරෙන් 70ක් මරුට - 9000ක් අවතැන්

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇති වී තිබෙන ගංවතුර නිසා සිදු වී ඇති ජීවිත හානි ගණන 70කට අධික බවට වාර්තා වේ.

මෙම මරණවලින් බහුතරය, ගංවතුරත් සමඟ හටගත් නායයෑම් සහ නිවාස කඩාවැටීම හේතුවෙන් සිදුව ඇති බවට යි වාර්තා වන්නේ.

සහන සේවකයන් හා ආරක්ෂක අංශ විසින්, ගංවතුරට හසු වූ 9000ක් පමණ දෙනා උස් බිම් කරා රැගෙන විත් ඇති අතර ඉන් 1000ක් පමණ මුදාගෙන ඇත්තේ හෙලිකොප්ටර් මගිනි.

ගුජරාට් ප්‍රාන්තයේ ගොවීන්ගේ අස්වනු සහ දේපළ ආදිය මුළුමනින්ම විනාශ වී ඇති අතර ගංවතුරෙන් වැඩිම හානි සිදු වී ඇත්තේ ගොවීන්ට බව යි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 June 2015 20:51