May 02, 2024

බිළිඳුන් 8 දෙනෙකු මරා වැළලූ කාන්තාවක් අධිකරණයට

තමන්ට ලැබුණු දරුවන් අට දෙනෙකු ඉපදුණු විගසම ඔවුන් මරා දැමීම සම්බන්ධව චෝදනා ලැබූ කාන්තාවක් ප්‍රංශ අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබේ.

ඩොමිනික් කොටේස් නමැති මෙම 51 හැවිරිදි කාන්තාව, තම බිළිඳන් මරා නිවස අවට වැළලූ බවට පිලිගෙන ඇත.

මෙම මරණ සිදු වී ඇත්තේ 1999 - 2000 අතර කාලයේ දී බව සඳහන් වේ.

තරුණ ළමුන් දෙදෙනෙකුගේ මවක වන ඇය ඉතා තරබාරු අයෙකු වන නිසා ඇය ගැබ්ගෙන ඇති බව ඇගේ වෛද්‍යවරයා හෝ ගම්වැසියන් හෝ දැන නොසිට ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)