May 02, 2024

උණුසුම දරනු නොහැකිව පාකිස්තානයේ 700ක් මරුට

අධික උෂ්ණත්වය දරාගත නොහැකිව පාකිස්තානයේ කරච්චි නුවර 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට BBC ලෝක සේවය වාර්තා කරන ලදී.

මෙයින් අනතුරුව සින්ද් ප්‍රාන්ත ආණ්ඩුව කරච්චි නුවර වැසියන්ට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, කරච්චි නගරයට මේ අධික උෂ්ණත්වය බලපා තිබෙන්නේ ඉස්ලාම් භක්තිකයන් රාමසාන් උපවාසය සමරමින් සිටින කාලයේ ය.

රාමසාන් උපවාසය අත්හරින මෙන් ඉස්ලාම් පූජකවරුන් දිලින්දන්ගෙන් සහ එළිමහනේ සේවය කරන කම්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇති අතර කරච්චි නුවර නිරන්තරයෙන් විදුලි බලය ද කපා හැරීම හේතුවෙන් වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා භාවිත කිරීමත් දුෂ්කර බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය බලපෑ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිග්‍රේඩ් අංශක 40 ට අඩු ප්‍රමාණයකට පහල වැටී තිබෙන බව පැවසේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 June 2015 07:49