May 02, 2024

මාධ්‍යවේදියෙකු ඉන්දියාවේ දී පුලුස්සා මරා දමයි

සන්දිප් කොතාරි නම් වූ ඉන්දීය මාධ්‍යවේදියෙකු නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ගිනි තබා මරා දමා තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මාධ්‍යවේදියා නීති විරෝධී පතල් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කිරීම මෙම ඝාතනයට හේතු වී ඇතැයි සඳහන් වේ.

ඝාතනයට ලක් වූ සන්දීප්, මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සිරුර හමු වී තිබුණේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දීය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 June 2015 10:07