May 02, 2024

මර්ස් නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් 

දකුණු කොරියාවේ මර්ස් වෛරසය පැතිර යාමත් සමග එරට සංචාරක කර්මාන්තයට ඍජු බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් මැයි මස මැද භාගයේ සිට මර්ස් වෛරසය වැළඳීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 27 දෙනෙක් මරණයට පත් ව ඇති අතර තවත් 172 ක්  රෝගයට ගොදුරු වී තිබේ. ඉන් 14 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත් මර්ස් වෛරසය පැතිර යාමත් සමග පසුගිය මාස කිහිපයේ එරට ආර්ථිකයේ පහළ යෑමක් දක්නට තිබෙන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දී ඇත. 

Rate this item
(0 votes)