May 02, 2024

චීනයේ දුම්පාන තහනම තදින්

චීනයේ බේජිං අගනුවර බලධාරීන් විසින් ඉකුත් සතියේදී  ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීමේ වරදට පනස් දෙනකුට  අධික පිරිසකට දඩ ගසා තිබේ.

මෙම නව නීතිය ක්‍රියාත්මක වන්නේ පසුගිය ජුනි පළමුවැනිදා සිට යි.

නීතිය පිළිබඳව නිලධාරීන් ආරම්භයේ දීම ජනතාවට අනතුරු ඇඟවීම් සිදු කළ බව රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළ අතර දැන් එම නීතිය කඩ කරන පුද්ගලයන්ට එරෙහිව ක්ෂණික පියවර ගන්නා බව සඳහන් වේ.

නගරයේ දුම් පානය කරමින් සිටි පුද්ගලයන් පිළිබඳව රජය නම් කොට ඇති විශේෂ දුරකථන අංකයට කතා කොට එක් දහස් පන්සියයක් පමණ දෙනා තොරතුරු ලබා දී තිබෙන අතර නව නීතිය ක්‍රියාත්මක නොකරන ආයතන පිළිබඳ තොරතුරුත් ඔවුන් විසින් ලබා දී ඇත.

මේ අතර සමහර බේජිං වැසියන් වරදකරුවන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ පල කර තිබෙනු ද දක්නට ලැබිණ.

Rate this item
(0 votes)