May 02, 2024

ටිබෙට් භික්ෂූන්ට රූපවාහිනී චීනයෙන්

ටිබෙටයේ බෞද්ධ ආරාම 1800 ටම රූපවාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් සම්පූර්ණ කළ බව චීන බලධාරීහු ප්‍රකාශ කළෝ ය.

බලධාරීන් පවසන්නේ මේ මගින් චීන ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ටිබෙට් භික්ෂූන් වහන්සේට සහ මෙහෙණින් වහන්සේලාට යහපත් අවබෝධයක් ලබා දෙනු ඇති බව යි.

එහෙත්  මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ මෙය චීන ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයන් ටිබෙටය දක්වා ව්‍යාප්ත කිරීමක් බවට යි.

බෞද්ධ ආරාම ඉලක්ක කරමින් චීන බලධාරීහු මෑත වසර කිහිපය තුල විශේෂ වැඩසටහන් දියත් කළේ ටිබෙටයේ නොසන්සුන් තත්වයක් වර්ධනය වීමෙන් අනතුරුව යි

එම වැඩසටහන් මගින් ටිබෙට් භික්ෂූන් වහන්සේගේ ජීවන තත්වය නගා සිටුවන ලද නමුත්, ඒ අතරම ඔවුන්ගේ පොදු ක්‍රියාකාරකම් සීමා කරන ලදි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 June 2015 11:42