May 17, 2024

අමෙරිකාවේ දේවස්ථානයකට කඩාවැදී කළ වෙඩි ප්‍රහාරයකින් 9ක් මරුට

අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි දේවස්ථානයකට කඩා වැදුනු සුදු ජාතික තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි 9 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවක්කුකරු පලාගොස් ඇති අතර, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අමෙරිකාවේ සිටින කළු ජාතිකයන් පැමිණෙන දේවස්ථානයක් ලෙස මෙය හැඳින්වේ. 

ඡායාරූ - බීබීසි

Rate this item
(0 votes)