May 17, 2024

බුරුමයේ භික්ෂූන් ඇතුළු දහස් ගණනක් වීදි බසිති

 
සරණාගතයන් රට තුළ තාවකාලිකව කඳවුරු ගත කිරීමට බලධාරීන් ගත් පියවරට එරෙහිව බුරුමයේ බෞද්ධ ජනතාව උද්ඝෝෂණ මාලාවක් දියත් කර තිබෙන අතර රැඛායින් ප්‍රාන්තය පුරා දියත් කර ඇති මෙම විරෝධතා සඳහා බෞද්ධ භික්ෂූන් ඇතුළු දහසකට අධික ජනතාවක් වීදි බැස සිටිති.
 
බුරුම නාවික හමුදාව විසින් මෙම සරණාගතයන් බේරා ගත්තේ බෝට්ටු මගින් වෙනත් රටවලට පලා යමින් සිටියදී යි.
 
ඔවුන් කිනම් ප්‍රදේශවල සිට පලා යමින් සිටියේද යන්න සොයා ගැනීම සඳහා බුරුම බලධාරීන් උත්සාහ කරමින් සිටින අතර එතෙක් රැඛායින් ප්‍රාන්තයේ තාවකාලික කඳවුරු තුළ නවාතැන් දී තිබේ.
 
මෙම සරණාගතයන් අතර සිටින බංග්ලාදේශ ජාතිකයන්ගේ ගණන සහ බුරුමයේ රෝහින්ග්‍යා ප්‍රජාවට අයත් ගණන තවමත් පැහැදිලි නැත.
 
රෝහින්ග්‍යා සුළුතර ප්‍රජාව බුරුමයේ පුරවැසියන් ලෙස නොසැලකීම හේතුවෙන් උද්ගත වී ඇති තත්වය නිසා බුරුමයට අන්තර්ජාතික ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
 
- BBC
 
Rate this item
(0 votes)
Last modified on Monday, 15 June 2015 11:29