May 17, 2024

අමෙරිකාවේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් 

අමෙරිකාවේ - ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නගරයේ පොලිස් මූලස්ථානයට සන්නද්ධ රථයකින් පැමිණි පිරිසක් අද (13) ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුව පොලිස් ආරක්ෂක රථ එම සන්නද්ධ රථය ලූහුබැද ගොස් ඇති අතර, ප්‍රදේශයේ රථ ගාලකදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

එහෙත් සන්නද්ධ රථය පළාගොස් ඇති අතර ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පොලිස් මූලස්ථානය ඉදිරිපිට තිබූ පුපුරණ ද්‍රව්‍ය පිරවූ මළු 4 ක් ද සොයාගෙන ඇත.

ඒවා නිශ්ක්‍රිය කිරීම සඳහා කටයුතු කිරීමේදී ඉන් එක් මල්ලක් පුපුරා ගොස් ඇති බවද වාර්තා වූ බවත් මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඡායාරූප - බීබීසි

Rate this item
(0 votes)