May 17, 2024

සාමය ලබා දී ලිංගික අල්ලස් ගන්නා එක්සත් ජාතීන්ගේ හමුදාව

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් සිය මෙහෙයුම් සිදු කරන රටවල අසරණභාවයට පත්ව සිටින කාන්තාවන් සමඟ ලිංගික සේවනයේ යෙදෙන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි.

ඒ වෙනුවෙන් එම කාන්තාවන්ට මුදල්, රෙදිපිළි, ආභරණ, ජංගම දුරකතන සහ වෙනත් භාණ්ඩ වලින් ගෙවීම් සිදු කරන බවද එම වාර්තාව පවසයි.

හයිටි රාජ්‍යයේ සහ ලයිබීරියාවේ පවතින දරිද්‍රතාව සහ ආහාර හිඟ කම නිසා එහි වසන කාන්තාවන් සිය ගණනක් මෙම සාම සාධක හමුදා භටයන්ට ලිංගික සේවය ලබා දීමට පෙලඹී ඇති බව ඉහත කී වාර්තාවෙන් හෙළිදරව් කර තිබේ.

එහි තව දුරටත් සඳහන් වන්නේ වසර 2008 සහ 2013 අතර මෙවැනි ලිංගික සුරා කෑම් සහ අපයෝජනයන් පැමිණිලි 480ක් ලැබී ඇති බවයි.

ඉන් තුනෙන් එකක්ම පැමිණිලි ලැබී ඇත්තේ ළමා අපයෝජනයන් පිළිබඳවයි.

වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ කොන්ගෝ ජන රජය, ලිබීරියාව, හයිටි සහ දකුණු සුඩානයෙනි.

එක්සත් ජාතීන් මේ වන විට සාම සාධක හමුදා භටයන්, පොලිස් භටයන් සහ සිවිල් නිලධාරීන් එක්ලක්ෂ විසි පන් දහසකට අධික පිරිසක් ලොව පුරා මෙහෙයුම් 16ක යොදවා තිබේ.

- BBC

Rate this item
(0 votes)
Last modified on Friday, 12 June 2015 14:13