May 17, 2024

නීති විරෝධීව රටින් පිටවන්නන්ට බංග්ලාදේශ අගමැතිනියගෙන් රතු එළියක්

නීතිවිරෝධී ආකාරයෙන් සංක්‍රමණය වීමට උත්සාහ දරන බංග්ලාදේශ ජාතිකයන් තම රටේ කීර්තිනාමයට කැලළක් කරන බව එරට අගමැතිනී ෂෙයික් හසීනා පවසයි.

තම රට අත්හැර යෑමට ඔවුන් දරන වෑයම මානසික රෝගයක් බව ඇය පවසන්නීය.

මෙම සංක්‍රමණිකයන් වාසනාව සොයන්නන් බවත් ඔවුන් මෙන්ම ඔවුන් වෙනුවෙන් සංක්‍රමණ සංවිධානය කරන්නන්ද දඬුවමට පැමිණ විය යුතු බවත් අගමැතිනිය සඳහන් කර ඇත.

බංග්ලාදේශ වැසියන් මුහුදු මගින් වෙනත් රටවලට සංක‍්‍රමණය වීම ක‍්‍රමයෙන් වැඩි වෙමින් ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි.

තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව හරහා අදාළ සංක‍්‍රමණ සිදු වන බවද හඳුනාගෙන තිබෙන අතර මෙම නීති විරෝධී සංක‍්‍රමණිකයන් බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වී තිබෙන්නේ විදෙස් රටක රැකියා සොයා ගැනීමයි.  

 

Rate this item
(0 votes)