May 17, 2024

මෙක්සිකෝවේ පාතාල කල්ලි ගැටුමෙන් 43 ක් මිය යයි

මෙක්සිකෝවේ මිචෝආකැන් ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ඊයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම ගැටුම ඊයේ දිනයේ පැය 3 කට අධික කාලයක් පැවැති අතර ගැටුම වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇත. ඉන් එක් පොලිස් භටයෙකු පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කළේ.

පසුව ගැටුම සිදුවූ ස්ථානයේ තිබී ගිනි අවි 30 කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 May 2015 13:05