May 17, 2024

එළඹෙන මැයි 26 නේපාලයේ තවත් භූ කම්පනයක් - සිදුවීමේ හැකියාව 40% යි

පසුගිය දා සිදු වූ භූ කම්පනවලින් පීඩාවට පත් නේපාලයේ තවත් අතුරු චලන සිදුවිය හැකි බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මගින් නවතම අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

එම ආයතනය පෙන්වා දෙන්නේ මැයි 26 වනදා දක්වා කාලය තුළ රික්ටර් පරිමාණයේ 5 - 6 ත් අතර ප්‍රබලතාවයෙන් යුත් තවත් එක් අතුරු චලනයක් හෝ සිදුවිය හැකි බවය.

එය සිදු වීමේ හැකියාව සියයට 40 ක මට්ටමක පවතින අවස්ථාවක් වන අතර, එවැනි අතුරු චලන 3ක් පමණ සිදුවිය හැකි බව ද ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්වේ.

අප්‍රේල් 25 වැනිදා සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූ කම්පනයෙන් පසු රික්ටර් පරිමාණයේ 4 ට වඩා වැඩි ප්‍රබලතාවයෙන් යුත් අතුරු චලන 248 ක් නේපාලයේ සිදුව ඇති අතර පුද්ගලයන් 9000 කට අධික පිරිසක් මරුමුවට පත් විය.

Rate this item
(0 votes)