May 17, 2024

IS සටන්කාමීන් ඉරාකයේ ‘රමාඩි’ අල්ලයි

අයි.එස් සටන්කාමීන් ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගැනීමත් සමඟ එහි වැසියන් ඉන් ඉවත් වෙමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉරාකයේ විශාලතම ප්‍රාන්තය වන අන්බා හි අගනුවර වන්නේ ද රමාඩිය. 

විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ අයි.එස් සටන්කාමීන් නගරය පුරා දැනටමත් බිම්බෝම්බ වල දමා ඇති බවය.

ඉරාක රජයට සහයෝගය දක්වන රමාඩි නගරවැසියන් අයි.එස්. සටන්කාමීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීම විශාල අර්බුදයක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ.

 

 

Rate this item
(0 votes)