May 17, 2024

මිනිස් ජාවාරම මඩින්න නාවික බලකාය සූදානම්

මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා යුරෝපා සංගමයේ ඒකාබද්ධ නාවික බලකායක් පිහිටුවීමට පියවර ගෙන ඇත.ඒ අනුව නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු පිළිබඳ රහස් තොරතුරු එක්රැස් කිරීම, අදාළ බෝට්ටු සොයා ගැනීම සහ පරීක්ෂාව මෙන්ම ඒවා විනාශ කිරීම ද මෙම නාවික බලකායට පැවරෙනු ඇති.

යුරෝපා සංගමයේ මෙම නාවික බලකාය රෝමය කේන්ද්‍ර කොටගෙන ඉතාලි අද්මිරාල්වරයෙකු යටතේ ලබන මාසයේදී ආරම්භ කෙරෙන බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ෆ්‍රේඩිකා මොගෙරිනි ප්‍රකාශ කර තිබේ.

මධ්‍යධරණී මුහුද හරහා යුරෝපය වෙත අනාරක්ෂිත බෝට්ටුවල නැගී ගමන් ගත් නීතිවිරෝධී සංක්‍රමණිකයින් 1800 කට වැඩි පිරිසක් මේ වසරේදී මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවත් සඳහන්.

Rate this item
(0 votes)