May 17, 2024

ෂියා සටන්කාමින් රමාදී නගරය මුදා ගැනීමේ මෙහෙයුමක

ටෙහෙරානයේ ආධාර ලබන ෂියා සටන්කාමි කණ්ඩායම් රමාදී නගරය බලා ගමන් ආරම්භ කළ බවට වාර්තා පළ වන අතරතුර ඉරාන ආරක්ෂක ඇමති හොසේන් ඩෙග්හාන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණ සිටින බව වාර්තා වේ. 

ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ සටන්කාමීහු පසුගිය ඉරිදා රමාදී නගරයේ බලය අල්ලා ගත්හ.

උතුරු සහ බටහිර ඉරාකයේ සුන්නි මුස්ලිම් ජනකොටස් බහුලව වෙසෙන ප්‍රදේශවල බලය පසුගිය වසරේ ගිම්හාන සමයේ දී තම ග්‍රහණයට ගත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙතෙක් ලබා ගත් වැදගත්ම ජයග්‍රහණය රමාදී නගරය අල්ලා ගැනීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ මුල් භාගයේදී ටිකිරිට් නගරය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයෙන් මුදා ගැනීම සඳහා ෂියා සටන්කාමීන් ඉරාක හමුදාවට විශාල පිටුබලයක් වූ නමුත් නිකායවාදී ගැටුම් ඇවිලී යනු ඇතැයි බිය පළකරන බැග්ඩෑඩ් බලධාරීන් ෂියා සටන්කාමීන්ගෙන් ආධාර ලබා ගැනීමට මැලිකමක් දක්වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

(බිබිසී)

Rate this item
(0 votes)