May 17, 2024

කාබුල් ගුවන්තොටුපල අසල කාර් බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විදේශීය හමුදා රථ පෙළක් ඉලක්ක කර පුපුරුවා හරින ලද කාර් බෝම්බයකින් තිදෙනෙකු පමණ මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයන් අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ සිදු කළ එම මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් තුන් දෙනෙකු ඇතුළු තවත් විසි දෙනෙකු පමණ බරපතළ තුවාල ලබා තිබේ.

කාබුල් ගුවන්තොටුපලට ඇතුළු විය හැකි මෙම මාර්ගය විදේශීය හමුදා පමණක් භාවිතා කරන බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)