May 17, 2024

ඊජිප්තු හිටපු ජනපතිට මරණ දඩුවම  

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට එරට අධිකරණය ඊයේ (16) මරණ දඩුවම නියම කළේය.

ඒ ඔහු ජනාධිපතිවරයාව සිටි 2012 වසරේ දී ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් මෙම තීන්දුව නියම කර ඇත. 

කෙසේ වෙතත් ඔහුට පැනවූ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද  අධිකරණය මරණ දඩුවම නියම කළේය.

විපක්ෂයේ විරෝධතා උත්සන්න වීමත් සමග ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා 2013 වසරේදී බලයෙන් පහකළේය. 

ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් තේරී පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේද මොහොමඩ් මුර්සි ය.

 

Rate this item
(0 votes)