May 08, 2024

අමෙරිකානු විශේෂ බලකාය සිරියාවට - අයි.එස්. ජ්‍යෙෂ්ඨයෙක් මරුට 

අමෙරිකානු විශේෂ බලකාය නැගෙනහිර සිරියාවේ සිදුකළ ගොඩබිම් මෙහෙයුමකදී අයි.එස්. හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයි.එස්. සංවිධානයේ තෙල්, ගෑස් සහ මූල්‍ය මෙහෙයුම් සඳහා දායකවන ප්‍රබල සන්නද්ධ සාමාජිකයෙකු වන අබු සයාෆ් මෙහිදී මියගොස් ඇත.

අතිශය දුර්ලභ ආකාරයෙන් සිදුව ඇති මෙම ගොඩබිම් ප්‍රහාරයේදී අබු සයාෆ් නමැති IS නායකයා අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු හමුදා කටයුතු කළත් එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මියගොස් ඇති බව වාර්තාවේ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ටියුනීසියානු ජාතිකයෙකු වන අබු සයාෆ් ගේ බිරිය මෙහෙයුමේදී ඇමරිකානු හමුදා ග්‍රහණයට ගෙන ඇති බවයි. 

මෙම මෙහෙයුමට අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවසර ලබාදී ඇති අතර, ඉරාකයේ සිටින අමෙරිකානු විශේෂ බලකා සෙබලු ඒ සඳහා යොදාගෙන ඇති බව පැවෙසයි.

කෙසේ නමුත් අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ තවත් ඓතිහාසික නගරයක් වන පැල්මයිරා උතුරු ප්‍රදේශය ඊයේ (16) සිය අණසක යටතට ගෙන ඇත. 

 

Rate this item
(0 votes)