May 08, 2024

බොස්ටන් බෝම්බකරුව ‘ඖෂධ දී මරන්න’ තීරණය කෙරේ

බොස්ටන් මැරතන් බෝම්බකරු සෝකාර් සානයෙව් (21) ට අමෙරිකානු අධිකරණයකින් මරණ දඬුවම නියම කර තිබේ.

පැය 15 ක පමණ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ජූරියේ තීරණය වී ඇත්තේ ඖෂධ අධි මාත්‍රාවක් එන්නත් කිරීමෙන් ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු බවය.

2013 වසරේ බොස්ටන් නුවර මැරතන් ධාවන තරගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර, පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට සහය වීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වෙයි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 264 දෙනෙක් තුවාල ලැබූහ.

කෙසේ වෙතත් සෝකාර් සානයෙව්ට ලබා දුන් තීන්දුවට එරෙව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් වාර්තා වෙයි.

චෙක් ජාතිකයෙකු වන බොස්ටන් බෝම්බකරු අල්ඛයිඩා සටන්කාමීන්ගේ අනුගාමිකයෙකු ලෙස හැඳින්වෙයි.

ඉස්ලාමීය භක්තිකයින් බහුතරයක් සිටින රටවල අමෙරිකානු හමුද කඳවුරු පිහිටුවීමට විරෝධය පළ කරමින් ඔහු එම ප්‍රහාරය එල්ල කර ඇති බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 May 2015 11:11