May 08, 2024

බුරුන්දි රජය පෙරළීමට කුමන්ත්‍රණයක් - බුජුම්බරාහි තවමත් වෙඩි හඬ

බුරුන්දි ජනාධිපති පයිරේ කුරුන්සිසාට පක්ෂ හමුදා කණ්ඩායම් මගින් මේ වනවිට බුජුම්බුරා අගනුවර පිහිටා තිබෙන ගුවන්තොටුපල, ජනපති නිල නිවස, ජාතික ගුවන් විදුලි සේවය ඇතුළු නගරයේ වැදගත් ස්ථාන කිහිපයක බලය තහවුරු කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය 13 වැනි දා බුරුන්දි රජය පෙරළීමට සංවිධානය කළ කුමන්ත්‍රණයේ ආධාරකරුවන් විසින් ජනාධිපති කුරුන්සිසාට නැවත බුරුන්දියට පැමිණීමට නොහැකි වන ලෙස බුජුම්බරා ගුවන්තොටුපල අවහිර කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය බුජුම්බරා ගුවන් තොටුපලට පැමිණියේ ටැන්සානියාවේ පැවති කලාප සමුළුවට පසුවයි.

13 වැනි දා රාත්‍රිය පුරා නගරයේ බලය තහවුරු කිරීමට උත්සාහ කළ ජනපතිට විරුද්ධ හමුදා කණ්ඩායම් සහ පොලිසිය අතර ගැටුම් ඇති වූ අතර බුජුම්බරා නගරයෙන් තවමත් නොනවත්වා වෙඩි හඬ ඇසෙන බව වාර්තා වේ.

බුරුන්දි ජාතික රූපවාහිනිය මේ වනවිට විකාශය නොවන නමුත් තවමත් ජාතික ගුවන් විදුලිය විකාශය කෙරේ.

ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපති කුරුන්සිසා තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ කිරීම මෙම ගැටුම් වලට මූලික හේතුව වී තිබේ.

(බීබීසි)

Rate this item
(0 votes)