May 08, 2024

IS දෙවැනි නායකයාත් මැරුණා ද?

අබ්දුල් රහුමාන් මුස්තාපා මොහොමඩ් නම් අයි.එස්. සටන්කාමීන්ගේ සංවිධානයේ දෙවැනි නායකයා නමින් හඳුන්වන ත්‍රස්තයාව ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ ඉරාක ආරක්ෂක අංශ විසින් අයි.එස්. සටන්කාමීන්ගේ දෙවන නායකයා මියගිය බවට තහවුරු කර ඇති බවය.

කෙසේ වෙතත් අයි.එස් සටන්කාමීන්ගේ සංවිධානය ඔවුන්ගේ දෙවැනි නායකයා මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කර නොමැති බවත් එම වාර්තාවල දැක්වේ.

Rate this item
(0 votes)