April 27, 2024

ජපාන දරුවන්ගේ අඩුවක්

ජපාන දරුවන්ගේ සංඛ්‍යාවෙහි විශාල අඩු වීමක් දක්නට ඇති බවත් අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වාර්තා ගත අන්දමින් ඉහල ගොස් ඇති බවත් නිල සංඛ්‍යාලේඛනවල දැක්වේ.

ජපාන රජයේ ඇස්තමේන්තු අනුව රටේ මුළු ජනගහනයෙන් සියයට 12.8  අවුරුදු පහළොවට අඩු දරුවන් බවත් නමුත් සියයට 25ක් අවුරුදු හැට පහ ඉක්මවූවන් බවත් එම වාර්තාවන්හි දැක්වෙන බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

ලෝකයේ ජනගහන වර්ධන වේගය අඩු රටවල් අතරින් ජපානයට ප්‍රධාන ස්ථානයක් හිමිවේ.

තරුණයන් සහ වැඩිහිටියන් අතර අනුපාතය අනාගත ආර්ථික වර්ධනයට දැඩි වශයෙන් බලපෑම් ඇති කෙරෙනු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

Rate this item
(0 votes)