May 07, 2024

නේපාලයේදී සහන කටයුතුවල නිරත අමෙරිකානු හෙලිකොප්ටරයක් අතුරුදන්

නේපාලයට බලපෑ දෙවැනි ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (12) ඇති වූ නේපාල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙන අතර භූ කම්පනයෙන් 1000කට අධික පිරිසකට තුවාල සිදුවී ඇත. 

ඉන්දියාවේ පුද්ගලයන් 17 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් තුවාල ලැබූ නේපාල ජාතිකයන් ප්‍රමාණය 1,100ක් පමණ වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මේ අතර නේපාලයේ සහන කටයුතුවල නිරතව සිටි අමෙරිකානු මැරීන් භටයන් 8 දෙනෙකු රැගත් ඇමෙරිකානු හෙලිකොප්ටරයක්ද අතුරුදන්ව ඇති බවට වාර්තා වෙයි.

රික්ටර් පරිමාණ 7.3ක භූ කම්පනය හේතුවෙන් ඊයේ රාත්‍රියේ දහස් ගණන් නේපාල ජාතිකයන් විවෘත භූමි තුළ රාත්‍රිය ගත කර තිබුණි.

එමෙන්ම, පසුගිය 25 වැනිදා ජීවිත 8,000ක් බිලි ගනිමින් ඇති වූ භූ කම්පනයෙන් පසු තවමත් විශාල පිරිසක් අවතැන් කඳවුරුවල දිවි ගෙවන බවද විදෙස් වාර්තා පවසයි.

 

Rate this item
(0 votes)