May 08, 2024

ජනපතිට තුන් වතාවක් බෑ - බුරුන්ඩි රාජ්‍යයේ උද්ඝෝෂණ

බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති පියර් න්කුරුන්සීසා තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට එරෙහිව පවතින උද්ඝෝෂණවල දී දෙදෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමක දී පොලිසිය එම දෙදෙනාට වෙඩි තැබූ බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කළ බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

රජයේ නියෝගය මත උද්ඝෝෂණ විසුරුවා හැරීමට උත්සාහ කළ පොලිසියට තරුණයන් ගල් ගැසීමට පටන් ගත් බව ද වාර්තා වේ.

සති කිහිපයක් තිස්සේ පවතින විරෝධතා නිසා මේ වන විට උද්ඝෝෂකයන් 20දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

(බීබීසි)

Rate this item
(0 votes)