May 08, 2024

නෞල් සුළි සුළඟ පිවිසෙයි

නෞල්  සුළි සුළඟ පිලිපීනයට ආසන්නවීමත් සමග පිලිපීනයේ මගී යාත්‍රා  සේවා සහ දේශීය ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ හෙතුවෙන් එරට එහි වරාය සහ ගුවන් තොටුපලවල දැඩි තදබදයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගමනාගමනය සඳහා මුහුදු මාර්ග විශේෂයෙන් යොදාගන්නා පිලිපීනයේ මගී යාත්‍රා සේවා සහ දේශීය ගුවන් ගමන් සුළි සුළඟට පෙර අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

මැනිලා නුවරට කිලෝමීටර් 400 ක් පමණ උතුරෙන් වූ ඉසබෙලා සහ තගායන් ප්‍රදේශවලට සුළි සුළඟ ප්‍රවේශවෙමින් පවති.

නෞල් සුළි සුළඟ පැයට කිලෝමීටර් 170 ත් 205 ත් අතර වේගයකින් අද ළඟාවනු ඇතැයි අපේක්ෂිතයි. 

Rate this item
(0 votes)