April 27, 2024

යුක්රේනය ගැටුම් ඉහලට

රුසියානු ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් සහ යුක්රේන් ආණ්ඩුවේ හමුදා අතර ඊයේ (02) ‘ඔදෙස්සා’ නගරයේ සිදු වූ ගැටුම් වලින් පුද්ගලයින් 42ක් මියගොස් ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

රුසියාවට හිතවත් පුද්ගලයන් බහුතරය වූ කණ්ඩායමක් සිර වී සිටි ගොඩනැගිල්ලකට පෙට්‍රල් බෝම්බවලින් පහර දී ගිනි තබනු ලැබීමෙන් 37දෙනකු මරණයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

‘ඔදෙස්සා’ නගරයේ පොලිස් ප්‍රධානී පෙත්‍රෝ ලුත්ස්යුක් තනතුරින් පහ කරන ලද බව ‘ඉන්ටර්ෆෙක්ස්’ යුක්රේනියානු මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

Rate this item
(0 votes)