May 07, 2024

ඉන්දීය ගුවන් හමුදා යානයක් කඩා වැටේ  

ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානයක් බටහිර බෙංගාලයේ තන්තිපාරා ප්‍රදේශයේ දී ඊයේ (08) හදිසියේ කඩා වැටී තිබේ.

යානයේ නියමුවා ඊට පෙර ඉන් සුරක්ෂිත ලෙස ඉවත් වී ඇති අතර කඩා වැටුණු යානය පතිතවීමෙන් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරණයට පත් ව තිබේ. ඉන් ඇති වූ පිපිරීමෙන් යාබද ප්‍රදේශයේ තිබූ ඇතැම් පැල්පත් නිවාසවල ටකරන් වහල කඩා වැටී ඇතැයි වාර්තා වේ.

මේ අතර පාකිස්තානයේ, නෝර්වීජියානු සහ පිලිපීන තානාපතිවරුන් ඇතුළු 06 දෙනෙකු මරුමුවට පත් කරමින් හමුදා හෙලිකොප්ටර් යානයක් බිම හෙලුවේ තමන් බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ගුවන් යානා නාශක මිසයිලයකින් බිම හෙලූ බව පාකිස්තාන තලෙයිබාන් සංවිධානය උර්දු බසින් නිකුත් කළ නිවේදනයේ දැක් වේ. ඔවුන්ගේ ඉලක්කය පාකිස්තාන අගමැති නවාස් ශරීෆ් බව ඔවුන් වැඩිදුරටත් දක්වා තිබේ.

 

Rate this item
(0 votes)