May 19, 2024

පාකිස්ථානයේ නොර්වේ තානාපති ගුවන් අනතුරකින් මරුට

පාකිස්ථානයේ නෝර්වීජියානු හා පිලිපීන තානාපතිවරුන් හා තවත් සිව් දෙනෙකු මීට සුළු මොහොතකට පෙර පාකිස්ථානයේ නල්තාර් ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
 
පාක්සිතානයේ මලයාසියානු හා ඉන්දුනීසියානු තානාපතිවරුන්ගේ බිරියන් දෙදෙනා සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අනෙක් සිව් දෙනා වේ.
 
තුවාල ලැබූවන් අතර ජර්මානු හා පෝලන්ත තානාපතිවරුන් දෙදෙනා ද සිටින බව සැලය.
 
තානාපතිවරුන් ඇතුළු සංචාරකයන් පිරිසක් රැගෙන නල්තාර් ප්‍රදේශය කරා ගමන් කරමින් සිටි වර්ගයේ හෙලිකොප්ටර් තුනකින් එකක් මෙසේ අනතුරට ලක් වී ඇත.
 
 
Rate this item
(0 votes)