May 19, 2024

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය 2015

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් 2015මහමැතිවරණය සඳහා සිය අවසන් ප්‍රචාරක රැළිය ඊයේ පවත්වා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනතාවට මෙම මැතිවරණය ඉතා වැදගත් මැතිවරණයක් වනු ඇති බවය. සති 5 කින් පසුව ඊයේ අවසන් වූ බිත්‍රාන්‍ය මහ මැතිවරණ ප්‍රචාරක රැළි ඉතා උණුසුම් වූ බව විදෙස් වාර්තාවල සඳහන්.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක මෙන්ම එරට විපක්ෂ නායකවරයා ද වන එඩ් මිලිබෑන්ගේ අවසන් ප්‍රචාරක රැස්වීමද ඊයේ පැවැත්විණි. බර වැඩකරන්නන් වෙනුවෙන් සහන ලබාදෙන බව එම රැස්වීම ඇමතූ මිලිබෑන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර අද පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු හේතු කිහිපයක් නිර්මාණය වී තිබේ.

ඒ, ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කිරීම ය.
1. චමාලි ප්‍රනාන්දු
2. රනිල් ජයවර්ධන
3. උමා කුමරන්
4. සොකලිංගම් යෝගලිංගම්

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 May 2015 13:48