May 19, 2024

පැපුවා නිව් ගිනියාව භූ කම්පනයක් - ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇගවීමක්  

පැපුවා නිව් ගිනියාව රබාවුල් ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබෙන බව වාර්තාවේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය දැක්වුණේ, මැග්නිටියුඩ් 7.4ක් ලෙස ය.

මේ හේතුවෙන් ඉන්දුනීසියාව, සොලොමෝ දූපත් සඳහා සුනාමි අනතුරු අඟවීම් නිකුත් කර තිබේ.

අද (05) අලූයම ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් පැපුවා නිව් ගිනියාවට සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

Rate this item
(0 votes)