May 19, 2024

අමෙරිකාවේ ආගමික කාටූන් කතිකාවතකට වෙඩි තැබීමක් 

අමෙරිකාවේ ඩලාස් නුවරදී මුහම්මද් තුමා සම්බන්ධ කාටූන් පිළිබඳ සිදුවූ කතිකාවතකදී එම සම්මන්ත්‍රණය පැවති ගොඩනැගිල්ල පිටත විවෘත වෙඩි තැබීමක් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරයෙන් එම ගොඩනැගිල්ලේ ආරක්ෂකයෙකුද තුවාල ලබා ඇති අතර, ඊට සහභාගි වූවන්ට ඉන් පිටතට නොයන ලෙස පොලීසිය අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වන American Freedom Defense Initiative නමැති සංවිධානය විසින් මෙම කතිකාවත සංවිධානය කර ඇති බවද බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෙම වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර, එම මාධ්‍ය ආයතනයද ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පළ කිරීම මෙම වෙඩි තැබීමට හේතු වී තිබුණි.

 

 

Rate this item
(0 votes)