May 19, 2024

සහන සේවා වෙනුවෙන් අමෙරිකානු මැරයින් භටයන් නේපාලයට 

භූ කම්පනයෙන් හානියට පත්වූ නේපාලයට ආධාර රැගෙන අමෙරිකානු මැරයින් භටයින් රැගත් විශේෂ ගුවන් යානා 4ක් ඊයේ (03) දිනයේ කත්මණ්ඩු නුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව තවත් අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 3 නේපාලයට ළඟාවීමට නියමිතව තිබේ.

සහන සේවා කටයුතු සඳහා මැරයින් භටයින් 100ක් පමණ ඊයේ පැමිණි විශේෂ ගුවන් යානා මගින් නේපාලය වෙත ළඟා වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

Rate this item
(0 votes)