May 19, 2024

අමෙරිකාවේ පොලිස් නිලධාරීන් 06 කට අපරාධ චෝදනා 

අමෙරිකාවේ බෝල්ටිමෝර් නගරයේ 25 හැවිරිදි කළු ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරණයටපත්වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ.

කළු ජාතිකයාගේ මරණය මිණී මැරුමක් බවට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කිරීමෙන් අනතුරු ව ඔවුන්ට මෙම චෝදනා එල්ල වී ඇත.

පොලීසියට භාර වූ එම පොලිස් භටයින් අනතුරු ව ඇප මත මුදා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්‍රෙඩිග්‍රේ නමැති මෙම කළු ජාතිකයාගේ මරණය හේතුවෙන් බෝල්ටිමෝර් නගරයේ කලහකාරී තත්ත්වයක් උද්ගත වූ අතර ඇඳිරි නීතිය පවා පැනවීමට සිදු විය.

එහෙත් පොලිස් භටයන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්වීමත් සමග නගරවාසීන් වීදිවලට පිවිස ජය ඝෝෂා නැගූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 May 2015 11:10