May 19, 2024

සෞදි දේශසීමාවට හවුති කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාර මෙල්ල කරයි

යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම් තම දේශසීමාවට ප්‍රහාරයක් එල්ල කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

සෞදි අරාබිය යේමනය තුළ එල්ල කරන ගුවන් ප්‍රහාරවලදී ඉලක්ක කර ගැනෙන්නේ හවුති කැරලිකරුවන් වීම මීට හේතු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන් මෙම ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබයි.

කෙසේ නමුත්, සෞදි අරාබියේ දකුණුදිග දේශසීමාවට හවුති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇත්තේ ප්‍රථම වතාවටය. ඔවුන්ට ගුවනින් සහ ගොඩබිමින් ප්‍රතිප්‍රහාර එල්ල කොට නතර කිරීමට හැකිවූ බව සෞදි අරාබිය සඳහන් කරයි.

Rate this item
(0 votes)