May 19, 2024

අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහේ (VIDEO)

අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත සැපයුම් රැගෙන ගමන් ගත් රුසියානු අභ්‍යාවකාශ යානයක් පාලක මැදිරියේ පාලනයෙන් ගිලිහී ඇති බව වාර්තාකරයි.

පසුගිය අඟහරුවාදා කසක්ස්ථානයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නික්මුණු ප්‍රෝග්‍රේස් එම්. 27එම්. නැමති  යානය නැවතත් පෘථිවියට කඩාවැටීමට ඉඩ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ප්‍රෝග්‍රෙස් යානය ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය සමඟ සම්බන්ධවීම තවදුරටත් අපේක්ෂා කළ නොහැකි බවටද මත පළ කරයි. එමෙන්ම සන්නිවේදනය යථා තත්ත්වයට පත් කර නොගතහොත් එය මැයි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කාලය තුළ නැවත පෘථිවි කක්ෂයට ඇතුළුවනු ඇතැයි රුසියානු විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් මෙය නියමුවන් රහිත අභ්‍යාවකාශ යානයක් බවත් සඳහන්.

Rate this item
(1 Vote)