May 19, 2024

ජෝන් කෙරී දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 වැනි දා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අවසන් වශයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරවක නිරත වූයේ 2005 වසරේ දී ය. මෙම ශ්‍රී ලංකා සංචාරය ජෝන් කෙරී මහතාගේ ප්‍රථම සංචාරය ද වේ.

මෙම සංචාරයේ දී ඔහු රජයේ නායකයින්, සිවිල් සංවිධාන සාමාජිකයින් හා විවිධ ප්‍රජාවන්ට අයත් නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජෝන් කෙරී මහතා එම නියෝජිතයින් සමග පවත්වන සාකච්ඡා තුළින් මෙරට සාමය හා ස්ථාවරත්වය මෙන් ම ජනතාවගේ සෞභාග්‍ය උදෙසා අමෙරිකාවේ සහයෝගය පළ කරනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

Rate this item
(0 votes)