May 19, 2024

පකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියෙකු මරුට

පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි තලේබාන් සැකකරුවෙකු එරට ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (27) පකිස්ථාන ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකදී අදාළ සැකකරු ඇතුළු තලේබාන් ත්‍රස්තවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පකිස්ථාන මාධ්‍ය සඳහන් කරයි.

පකිස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත එරට භග්වාන්පුර ප්‍රදේශය ආශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ත්‍රස්තවාදීන් සැඟව සිටි නිවාසයක් වැටලූ අවස්ථාවේ ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවේ අදාළ තලේබාන් ත්‍රස්තවාදීන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

එම ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ තලේබාන් ත්‍රස්තවාදියෙකු වූ මහ්මූඩ් හෙවත් හෆීස් නමැත්තෙකු ඇතුළු තිදෙනෙකි.

 

Rate this item
(0 votes)