May 19, 2024

නේපාලයේ භූ කම්පනයෙන් මියගිය ගණන 4000 දක්වා ඉහළට

නේපාලයේ සිදු වූ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් පිරිස මේ වනවිට 4000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස ද ‍මේ වනවිට 7000 ඉක්මවා තිබේ.

භූ කම්පනයෙන් විපතට පත් දුෂ්කර කඳුකර ප්‍රදේශවල වෙසෙන නේපාල වැසියන් වෙත ළඟාවීම දැඩි අසීරු කාර්යයක් වී තිබේ.

පසුගිය 25 වැනිදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් නේපාලය දැඩි කම්පනයට පත්ව සිටින බව එරට රජය පවසයි.

විපතට පත් හිමාලයේ ගම්මානවලින් උපකාර කරන මෙන් නොනැවතී ඉල්ලීම් ගලා එන අතර සෑම ගම්මානයකට ම සහන සැපයීමට බලධාරීන් වෙහෙසෙමින් සිටින බව නේපාල අගමැති සුෂිල් කොයිරාල පවසයි.

මේ වන විට විපතින් අවතැන් වූ හුදකලා පෙදෙස් වල සිර වී සිටින පුද්ගලයන්ට කූඩාරම් රෙදි, බෙහෙත් සහ ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් ගුවනින් මුදා හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමි කම්පාවේ කේන්ද්‍රයට ආසන්නයේ පිහිටි ගම්මානයක එම ප්‍රදේශයේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් නිවාස මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

මේ වන විට වාර්තා ගත මරණ සංඛ්‍යාව හාරදහස් තුන්සීය ඉක්මවන අතර නේපාල අගමැතිවරයා කියා සිටියේ මෙම සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බවයි.

(බීබීසි)

Rate this item
(0 votes)