May 19, 2024

තෙවැනි වරටත් ජනපති එපා - බුරුන්ඩියේ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ

බුරුන්ඩි රාජ්‍යයේ ජනපති පියරේ න්කුරුන්සිසා තෙවන වරටත් සිය ධුරය සඳහා තරග කරන බව නිවේදනය කිරීමත් සමග ඇති වූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සැලසුම් කරන බවට බුරුන්ඩි රජයට චෝදනා කරමින් එරට අගනුවර බුජුම්බුරාහි උද්ඝෝෂණයේ යෙදුණු විරෝධතාකරුවන් හා පොලිසිය අතර මෙම ගැටුම් හට ගෙන ඇත.

උද්ඝෝෂණයට සහභාගී වූ විරෝධතාකරුවන් ටයර් පුළුස්සමින් ගල් මුල් ප්‍රහාර එල්ල කොට ඇති අතර බුරුන්ඩි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කළ වෙඩි තැබීමේදී පොලිසිය ජීව උණ්ඩ භාවිතා කොට තිබේ.

(බීබීසි)

Rate this item
(0 votes)