May 19, 2024

අමෙරිකානු ලිබර්ටි ප්‍රතිමාව පුපුරුවා හැරීමේ තර්ජනයක්

ඇමරිකානු ජනප්‍රිය සංකේතයක් වන ලිබර්ටි ප්‍රතිමාව පුපුරුවා හරින බවට ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් නිව්යෝක් නුවර සහ ප්‍රතිමාව පිහිටි එලීස් දිවයිනේ කලබලකාරී තත්ත්වයක්හටගෙන තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලෝහයෙන් තැනූ අඩි 305 ක් උසැති ලිබර්ටි ප්‍රතිමාව 1886 වසරේදී ප්‍රංශය විසින් ඇමරිකානු එක්සත් ජනපදයට ලබා දුන් තිළිණයක් වෙයි.

මෙම බෝම්බ තර්ජනය තවදුරටත් සනාථ කරමින් හෝ ප්‍රතිමාව පාමුලින් සැක කටයුතු පාර්සලයක් ද හමුවී ඇත.

මේ නිසා ඇමරිකානු නිදහස් ප්‍රතිමාව නැරඹීමට ගිය සංචාරකයන් දහස් ගණනක් එය පිහිටි දිවයිනෙන් ඉවත් කර තිබේ. නිව්යෝක් වරාය ආසන්නයේ පිහිටි එම දිවයින වෙත යාත්‍රා සේවය ද තාවකාලිකව අත්හිටුවා එය දැඩි පරීක්ෂාවකට ලක් කළ බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පොලිස් සුනඛයන් ද යොදා ගෙන ඇත. කෙසේ නමුත්, අවසානයේ ලිබර්ටි ප්‍රතිමාව සුරක්ෂිත බවයි ඇමරිකානු බලධාරීන් නිවේදනය කළේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 April 2015 12:25