May 19, 2024

අනවසර සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන බෝට්ටු විනාශ කෙරේ

මධ්‍යධරණි මුහුද තරණය කර යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් ගණන අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා යුරෝපා සංගමයේ නායකයින් හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

පසුගිය ඉරිදා සංක්‍රමණිකයන් රැගත් ලිබියානු බෝට්ටුවක් මධ්‍යධරණි මුහුදේ අනතුරට පත් වීමෙන් පුද්ගලයන් අටසිය දෙනෙකු දියේ ගිලී මරණයට පත් විය.

ඒ අනුව 2015 වසරේ මේ දක්වා මිය ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1750 දක්වා ඉහල ගොස් තිබේ.

මේ වසරේ නීති විරෝධී ලෙස ඉතාලියට ඇතුළු වූ ඇස්තමේන්තු ගත සංක්‍රමණිකයන් ගණන විසි එක් දහස ඉක්මවන බවයි වාර්තා වන්නේ.

පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ සැලැස්මට අනුව යුරෝපා නායකයින් තීරණය කර තිබෙන්නේ ජාවාරම් කරුවන් විසින් සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට යොදා ගැනීමට පෙර නීති විරෝධී බෝට්ටු සොයා විනාශ කිරීමට මෙහෙයුම් දියත් කිරීමටයි.

 

Rate this item
(0 votes)